• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොල් පර්යේෂණ ආයතනය සඳහා දෙමහල් නව රසායනාගාර ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
- ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තයේ සංවර්ධනය සඳහා වඩාත් සක්‍රීයව දායක වීමට හැකි වන පරිදි ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනයේ රසායනාගාර පහසුකම් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව පැන නැඟී තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය සඳහා නවීන තාක්ෂණයෙන් සමන්විත රසායනාගාරයක් ස්ථාපනය කිරීම පිණිස දෙමහල් නව ගොඩනැඟිල්ලක් රුපියල් මිලියන 47ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදි කිරීමටත්, ඉන් රුපියල් මිලියන 23ක් ඒකාබද්ධ අරමුදලින් ද ඉතිරි රුපියල් මිලියන 24ක මුදල ශ්‍රී ලංකා පොල් පර්යේෂණායතනයේ ඉපැයීම්වලින් ද දැරීමටත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.