• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ එකතුවන කැලිකසළ ඉවත් කිරීම
- නුවරඑළිය නගරය හා තදාසන්න ප්‍රදේශවල එකතු වන කැලිකසළ නුවරඑළිය දිස්ත්‍රික්කය පුරා විවිධ ස්ථානවලට බැහැර කරනු ලබන අතර, ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම විවිධ සෞඛ්‍ය ගැටලු ඇති වීමට මෙන්ම, නුවරඑළිය ප්‍රදේශයේ පාරිසරික සෞන්දර්යට අහිතකර බලපෑම් ඇති වීමට ද හේතු වී ඇත.

මෙම තත්ත්වය මඟහැරීම සඳහා විධිමත් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇති අතර, ඊට අවශ්‍ය ඉඩම් කොටස් ලබා දීමට ප්‍රාදේශීය වැවිලි සමාගම් දෙකක් විසින් එකඟ වී ඇත. ඒ අනුව, එකී ඉඩම් කොටස්වල අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කිරීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.