• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වැලිපටන්විල ධීවර වරාය පරිශ්‍රයේ භූමි ප්‍රමාණයක් යාත්‍රාංගණයක් ඉදි කිරීම සඳහා බදු දීම
- සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය මගී ප්‍රවාහන යාත්‍රා සහ විනෝදාත්මක හා ක්‍රීඩා කටයුතු සඳහා යොදා ගන්නා යාත්‍රා නිෂ්පාදනය කිරීමේ යාත්‍රාංගණයක් ඉදි කිරීම පිණිස දැනට කොග්ගල කර්මාන්තපුරයේ සිය ව්‍යාපාරික කටයුතු ආරම්භ කර ඇති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි Building a Future Foundation (BAFF) සමාගම වෙත බේරුවල ධීවර වරාය පරිශ්‍රයෙන් අක්කර 01, පර්චස් 6.4ක ඉඩම් කොටසක් ලබා දීම සඳහා ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව විසින් 2014 වර්ෂයේදී ගිවිසුමකට එළඹ ඇතත්, අදාළ ධීවර ප්‍රජාවගේ එකඟතාව ලබාගැනීමට නොහැකි වීමෙන් මෙතෙක් එකී ඉඩම් කොටස එම සමාගම වෙත ලබා දීමට නොහැකි වී ඇත.

එබැවින්, අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, වැලිපටන්විල නැංගුරම් පොළ ආශ්‍රිතව පිහිටි, උස්සන්ගොඩ, මුත්තලගහලන්ද නමැති අක්කර 01ක භූමි ප්‍රමාණය මෙම යාත්‍රාංගණය ඉදි කිරීම සඳහා සුදුසු විකල්ප ස්ථානයක් ලෙස හඳුනාගනු ලැබ ඇති අතර, එම ඉඩම් කොටස රජයේ තක්සේරුව මත පදනම්ව, බදු පදනම මත අදාළ සමාගම වෙත ලබා දීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.