• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මුතුරාජවෙල පිහිටි අක්කර 2, රූඩ්. 0, පර්චස් 11 ක ඉඩම ඩාට් ග්ලෝබල් ලොජිස්ටික් ආයතනයට බදු දීම
- ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් වත්තල මුතුරාජවෙල ප්‍රදේශයේ අක්කර 400ක පමණ භූමි ප්‍රමාණයක් මුහුදුවැලි යොදා සංවර්ධනය කර විවිධ ආයෝජන ව්‍යාපෘති සහ රජයේ ව්‍යාපෘති සඳහා ලබා දී ඇත. එහි ඉඩම් කොටස් 03ක් සැපයුම් ව්‍යාපෘති සඳහා දැනටමත් ලබා දෙනු ලැබ ඇති අතර, තවත් බිම් කොටස් 02ක් සමාන ව්‍යාපෘති සඳහා ලබා දීමට අයදුම්පත් කැඳවනු ලැබ තිබේ.

ඒ අනුව, උනන්දුවක් දක්වන පාර්ශ්වයන් වෙතින් අයදුම්පත් 30ක් ලැබී ඇති අතර, අක්කර 02, රූඩ් 0, පර්චස් 11කින් සමන්විත ඉඩම් කොටසක් සඳහා ඉහළම මිල ඉදිරිපත් කර ඇති ඩාට් ග්ලෝබල් ලොජිස්ටික්ස් (පෞද්ගලික) සමාගම වෙත එකී ඉඩම් කොටස වසර 30ක කාලසීමාවක් සඳහා අදාළ කොන්දේසිවලට යටත්ව බදු පදනම මත ලබා දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.