• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නිශ්චල දේපල හා තක්සේරුකරණ ආයතනය සංස්ථාපනය කිරීම
- දේපළ කළමනාකරණය, අලෙවිකරණය, සංවර්ධනය, ආයෝජනය හා තක්සේරුකරණය යන ක්ෂේත්‍රයන්ට අවධානය යොමු කරමින් දේපළ කර්මාන්තයට අදාළ වෘත්තීයමය ප්‍රවර්ධනයක් ඇති කිරීමේ අරමුණින් දේපළ සහ තක්සේරුකරණ ආයතනය 2001 වර්ෂයේදී පිහිටුවා ගෙන ඇති අතර, එය සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇත. එහි අරමුණු වඩා ඵලදායී අන්දමින් ක්‍රියාත්මක කිරීමට හැකි වනු පිණිස එම ආයතනය පාර්ලිමේන්තු පනතක් මඟින් ස්ථාපිත කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.