• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා පාරිසරික සුවතා ආයුර්වේද ගම්මානය හා පර්යේෂණ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම
- දේශීය වෛද්‍ය ක්‍රමය භාවිත කරමින් ජාත්‍යන්තර හා ජාතික ප්‍රමිතියෙන් යුත් ප්‍රතිකාරක ගම්මානයක් පිහිටුවීමට සහ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ පර්යේෂණාත්මක හා අධ්‍යාපනික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ සංකල්පය පෙරදැරිව, ශ්‍රී ලංකා පාරිසරික සුවතා ආයුර්වේද ගම්මානය හා පර්යේෂණ මධ්‍යස්ථානය, එය ඉදි කිරීම සඳහා සුදුසු බවට හඳුනාගනුලැබ ඇති, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මැද්දෙවත්ත ප්‍රදේශයේ ස්ථාපිත කිරීම සඳහා රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.