• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඕසෝන් ස්තරය රැකගැනීම සඳහා හයිඩ්‍රොෆ්ලෝරොකාබන් (HFC) භාවිතය සීමා කිරීම පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීම
- සූර්යාගෙන් නික්මෙන අහිතකර කිරණ මිහිමත පතිත වීම වළකා මිහිමත වෙසෙන සියලු සත්ත්ව හා ශාක ප්‍රජාවගේ සුරක්ෂිතතාව ඕසෝන් ස්තරය විසින් තහවුරු කරනු ලබයි. එම ස්තරයට හානි පමුණුවන රසායනිකයන් භාවිතය නියාමනය කර ඒවා ක්‍රමානුකූලව හා අදියරගතව භාවිතයෙන් ඉවත් කිරීමේ කඩිනම් අවශ්‍යතාව හඳුනාගත් ලෝක ප්‍රජාව 1985 වසරේදී ඕසෝන් ප්‍රහීනකාරී ද්‍රව්‍ය භාවි‍තයෙන් ඉවත් කිරීම පිළිබඳ වියානා සම්මුතියත්, ඉන්පසුව 1987 වසරේදී මොන්ට්‍රියල් සන්ධානයත් ඇති කරගන්නා ලදී. මොන්ට්‍රියල් සන්ධානය සඳහා සිදු කළ අවසන් සංශෝධනය 2016 වසරේ ඔක්තෝබර් 15වන දින රුවන්ඩාවේ, කිගාලිහිදී සිදු කළ අතර, එහිදී හයිඩ්‍රොෆ්ලෝරොකාබන් (HFC) භාවිතය අදියරගතව සීමා කිරීම පිණිස සියලු පාර්ශ්වකරුවන් විසින් එකඟතාව පළ කරනු ලැබ ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාව විසින් එම සංශෝධනය අපරානුමත කිරීමේ කටයුතු කඩිනමින් සැලසුම් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමටත්, ඉන් අනතුරුව ශ්‍රී ලංකාව විසින් එම සංශෝධනය අපරානුමත කිරීමටත් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.