• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රසදිය පිළිබඳ මිනමාටා සම්මුතිය අපරානුමත (Ratify) කිරීම
- රසදිය මඟින් සිදුවන අහිතකර බලපෑම් ගෝලීය වශයෙන් අවම කිරීම සඳහා වන මෙම සම්මුතියට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 128ක් මේ වන විට අත්සන් තබා ඇති අතර, රටවල් 53ක් විසින් එම සම්මුතිය අපරානුමත කරනු ලැබ ඇත. මෙම සම්මුතිය අපරානුමත කිරීම මඟින් සම්මුතියේ පාර්ශ්වකරුවකු ලෙස අදාළ රැස්වීම් විධිමත්ව නියෝජනය කරමින් සම්මුති ලේකම් කාර්යාලය වෙත කරුණු දැක්වීමට ද ගෝලීය පරිසර ප්‍රශ්න කෙරෙහි සංවේදී වෙමින් සියලු රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ද ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවනු ඇත. ඒ අනුව, රසදිය පිළිබඳ මිනමාටා සම්මුතිය ශ්‍රී ලංකාව විසින් අපරානුමත කරනු ලැබීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.