• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුරුණෑගල ආරක්ෂක සේවා විරු දරු විදුපියස සඳහා පොදු පහසුකම් සහිත තුන්මහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
- අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් වෙන් කරන ලද රුපියල් මිලියන 215ක ප්‍රතිපාදන යටතේ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය ඇතිව කුරුණෑගල ආරක්ෂක සේවා විරු දරු විදුපියස සඳහා තෙමහල් ගොඩනැඟිල්ලක් ඉදි කර පසුගිය මාර්තු මස සිසු අයිතියට පත් කර ඇත. එහෙත් එම ගොඩනැඟිල්ල තුළ අධ්‍යාපන කටයුතුවලට සහ බාහිර ක්‍රියාකාරකම්වලට අවශ්‍ය විද්‍යාගාර, පුස්තකාල, ශ්‍රවණාගාර, පරිගණක විද්‍යාගාර ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය පහසුකම් නොමැති බැවින් එම අඩුපාඩුකම් මඟහරවා ගැනීම සඳහා එම විදු පියසෙහි පොදු පහසුකම් සහිත තෙමහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.