• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා සංස්කෘතික මධ්‍යස්ථානයක් නව දිල්ලි නුවර ස්ථාපිත කිරීම
- ශ්‍රී ලංකාව, සිය රට තුළින්ම බිහි වූ විවිධ සංස්කෘතිකාංගවලින් පොහොසත් සුවිශේෂ රටකි. ශ්‍රී ලාංකික නර්තන සම්ප්‍රදායන්, ශ්‍රී ලාංකික සංගීතය, ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික කලාවන් හා ශිල්ප ක්‍රම ඇතුළත් ශ්‍රී ලංකාවට ආවේණික සුවිශේෂ සංස්කෘතික අනන්‍යතාව ප්‍රවර්ධනය කිරීමේ ස්ථානයක් ලෙස යොදාගැනීමේ සහ විවිධ සංස්කෘතික උත්සව පැවැත්වීමේ අරමුණින් 'ශ්‍රී ලංකා සංස්කෘතික මධ්‍යස්ථානයක්' නව දිල්ලි නුවර ස්ථාපිත කිරීම පිළිබඳ ඉදිරිපත් වී ඇති යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමාණවත් ඉඩම් කොටසක් ලබාගැනීමට ඉන්දීය රජයේ අදාළ බලධාරින් සමඟ සාකච්ඡා කිරීම පිණිස විදේශ කට‍යුතු අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.