• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බෞද්ධ ස්තූපයක් නව දිල්ලි නුවර ඉදි කිරීම
- නව දිල්ලි නුවර දැනට ස්ථාපිත කරනු ලැබ ඇති බෞද්ධ විහාරය මහාබෝධි සමාගම විසින් පාලනය කෙරෙන අතර, එම විහාරය සීමිත ඉඩ ප්‍රමාණයක පිහිටා ඇත. එසේම, ශ්‍රී ලංකාවෙන් හෝ අනෙකුත් බෞද්ධ රටවලින් නව දිල්ලිය කරා පැමිණෙන වන්දනාකරුවන්ට වන්දනාමාන කිරීම සඳහා ස්තූපයක් හෝ ප්‍රමාණවත් පහසුකම් එම විහාරය සතු නොවේ. ඒ අනුව, නව දිල්ලි නුවර බෞද්ධ ස්තූපයක් ඉදි කිරීම සඳහා ප්‍රමාණවත් ඉඩම් කොටසක් ලබාගැනීමට ඉන්දීය රජයේ අදාළ බලධාරින් සමඟ සාකච්ඡා කිරීම පිණිස විදේශ කට‍යුතු අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.