• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ සිංහල භාෂාව ඉගැන්වීමේ ඒකකයක් පිහිටුවීම
- සිංහල භාෂාව හා සාහිත්‍ය සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය පිළිබඳ හැදෑරීමට කැමැත්තක් දක්වන, ඉන්දියාව, සාර්ක් කලාපය ඇතුළු අනෙකුත් කලාපවල ශිෂ්‍යශිෂ්‍යාවන්ට ඒ සඳහා අවස්ථාව සලසා දීමේ අරමුණින්, ඉන්දියාවේ ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයෙහි භාෂාව, සාහිත්‍ය හා සංස්කෘතික අධ්‍යයන විද්‍යායතනය තුළ සිංහල භාෂාව ඉගැන්වීමේ ඒකකයක් ස්ථාපිත කිරීම සඳහා ඉන්දියානු රජය සමඟ සාකච්ඡා කිරීම පිණිස විදේශ කට‍යුතු අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.