• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පසුගිය දිනවල පැවති හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ගොඩගැසී ඇති කුණු ඉවත් කිරීම
- පසුගිය 2017‑05‑25 හා 26 දිනවල දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ඇද හැළුණු අධික වර්ෂාව නිසා ඇති වූ නායයෑම් හා ජල ගැලීම් හේතුවෙන් ජීවිත හා දේපළ රැසකට හානි සිදු විය. එසේම ආපදාවට ලක් වූ ප්‍රදේශයන්හි අපද්‍රව්‍ය හා කසළ විශාල වශයෙන් එක්රැස්ව ඇති අතර, එම අපද්‍රව්‍ය කඩිනමින් ඉවත් කිරීමේ අවශ්‍යතාව සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දෙනු ලැබ ඇත. එලෙස විශාල වශයෙන් එක්රැස්ව ඇති කසළ ඉවත් කිරීම සඳහා දැනට පළාත් පාලන ආයතන සතු වාහන හා උපකරණ ප්‍රමාණවත් නොවන බැවින්, එම කාර්යය සඳහා අවශ්‍ය වාහන හා උපකරණ මිල දී ගැනීම සඳහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත රුපියල් මිලියන 100ක අතිරේක ප්‍රතිපාදන සලසා දීම පිණිස ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.