• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගය පිළිබඳව අධ්‍යයනයන් හා පර්යේෂණයන් සිදු කිරීම පිණිස ශ්‍රී ලංකාවේ වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධක බලකාය සහ ඕස්ට්‍රේලියානු න්‍යෂ්ටික විද්‍යා හා තාක්ෂණ සංවිධානය අතර වන අවබෝධතා ගිවිසුම
- නිශ්චිතව හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගය මේ වන විට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 11ක් තුළ පවතින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 60ක ව්‍යාප්තව පවතින බව සොයා ගෙන තිබේ. එම රෝගය පිළිබඳව අධ්‍යයනය කිරීමට හා පර්යේෂණ පැවැත්වීමට ඕස්ට්‍රේලියාවේ වකුගඩු රෝග විශේෂඥයින්ගේ සහාය සහ එරට න්‍යෂ්ටික විද්‍යා හා තාක්ෂණ සංවිධානයේ විද්‍යාත්මක යටිතල පහසුකම් උපයෝගි කරගැනීමට හැකිවන පරිදි ශ්‍රී ලංකාවේ වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධක බලකාය සහ ඕස්ට්‍රේලියානු න්‍යෂ්ටික විද්‍යා හා තාක්ෂණ සංවිධානය අතර වන අවබෝධතා ගිවිසුමකට පසුගිය මැයි මස 24 සිට 26 වන දින දක්වා අතිගරු ජනාධිපතිතුමා විසින් ඕස්ට්‍රේලියාවේ සිදු කරන ලද නිල සංචාරය අතරතුර අත්සන් තබා ඇති බව අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.