• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණය වැඩිදියුණු කිරීම
- සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණය මඟින් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා තරග සඳහා ක්‍රීඩා යටිතල පහසුකම් සලසනු ලැබේ. මෙය සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය මඟින් පාලනය කෙරෙන අතර, මීට වසර 25කට පමණ පෙර ඉදි කර ඇති එම ක්‍රීඩා සංකීර්ණය නවීකරණය සඳහා යම් යම් පියවර ගෙන තිබේ. එම සංකීර්ණය වඩාත් දියුණු තත්ත්වයකට පත් කිරීම සඳහා අවශ්‍ය වන පහත සඳහන් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිණිස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* සූර්යබල විදුලි උත්පාදක පද්ධතියක් සවි කිරීම.

* එළිමහන් ක්‍රීඩාංගණය සඳහා විදුලිය සපයනු ලබන කුලුනුවල විදුලිය සපයන වයර් හා අනෙකුත් නිර්මිතයන් අලුත්වැඩියා කිරීම.

* ප්‍රධාන ක්‍රීඩාගාරයේ ඇතුළත විදුලි ආලෝක පද්ධතිය හා ශබ්දවාහිනී පද්ධතිය නවීකරණය.