• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නැ‍ඟෙනහිර පළාත තුළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයක් ඉදි කිරීම හා උපදේශක සේවා ලබාගැනීම
- නැ‍ඟෙනහිර පළාත තුළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයක් ඉදි කිරීම සඳහා 2017 අයවැය මඟින් රුපියල් මිලියන 300ක ප්‍රතිපාදන වෙන් වී ඇති අතර, ඒ සඳහා යෝග්‍ය ස්ථානයක් වශයෙන් කලවංචිකුඩි - මන්මුනෙයි දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රජය‍ට අයත් ඉඩම් කොටසක් අදාළ නිලධාරින්ගේ හා දේශපාලන අධිකාරියේ එකඟත්වයෙන් හඳුනාගෙන ඇත. ඒ අනුව, හඳුනාගෙන ඇති අක්කර 02යි රූඩ් 03ක ඉඩම් කොටස ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයට පවරා ගැනීමටත්, නිර්මාණය කර ඉදි කිරීමේ පදනම මත අදාළ ආර්ථික මධ්‍යස්ථානය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, ආර්ථික මධ්‍යස්ථාන 10ක් ඉදි කිරීම මඟින් මනා පළපුරුද්දක් ලබා ඇති ඉංජි‍නේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත පැවරීමටත් ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.