• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේ බීජ සංරක්ෂණ අංශය වැඩිදියුණු කිරීම
- ශ්‍රී ලංකාව ජෛව විවිධත්වයෙන් අනූන රටකි. ජෛව විවිධත්ව සංරක්ෂණය අරමුණු කරගනිමින් ජපාන සහයෝගිතා අරමුදලේ සහයෝගය ඇතිව 1989 වර්ෂයේදී ගන්නෝරුවේ ජාන සම්පත් මධ්‍යස්ථානය පිහිටුවා ඇති අතර, මේ වන විට ජාන බැංකුව තුළ බීජ නියැඳි 14,500ක් පමණ සංරක්ෂණය කරනු ලැබ ඇත. දේශගුණික විපර්යාසවලට, රෝග හා පළිබෝධවලට ඔරොත්තු දෙන ඉහළ අස්වැන්නක් සහිත නව ප්‍රභේද අභිජනනය සඳහා පර්යේෂණ නිලධාරින්ට ද පාරම්පරික කෘෂිකාර්මික කටයුතුවල යෙදෙන්නන්ට ද සංරක්ෂිත භෝග ලබා දීම මඟින් මෙම ජාන බැංකුව ජාතික කෘෂිකර්මය නඟා සිටුවීම සඳහා ඉහළ දායකත්වයක් ලබා දෙයි. මෙම ජාන සම්පත් මධ්‍යස්ථානය ශීත කාමර 16කින් යුත් සංරක්ෂණ ඒකකයකින් සමන්විත වන අතර, එම ශීතකරණ පද්ධතිවල ක්‍රියාකාරීත්වය සඳහා යොදා ගෙන ඇති තාක්ෂණය වර්තමානයේ පිළිගෙන ඇති අන්තර්ජාතික සම්මුතීන්ට අනුව යාවත්කාලීන කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් ලබාගැනීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.