• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සඳහා ඉඩකඩ පහසුකම් සලසා ගැනීම
- මෑතකාලීනව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇති කාර්යභාරය ඉටු කිරීම සඳහා එම දෙපාර්තමේන්තුව සතු සම්පත් ප්‍රමාණවත් නොවීම එහි කටයුතුවලට අහිතකර ලෙස බලපා ඇති අතර, පසුගිය කාලයේ ධීවර ක්ෂේත්‍රයේ සිදු වූ වේගවත් හා ධනාත්මක වෙනස්කම් අනුව කටයුතු කිරීම පිණිස දෙපාර්තමේන්තුවේ සංවිධාන ව්‍යූහය, වත්මන් කාර්යමණ්ඩල සංයුතිය වෙනස් කිරීම මෙන්ම ප්‍රමාණවත් ඉඩකඩ සහිත ගොඩනැඟිල්ලක අවශ්‍යතාව ද මතු වී ඇත. ඒ සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අංශ කිහිපයක් ස්ථාපිත කිරීම සඳහා ඉදි කිරීමට යෝජිත ගොඩනැඟිල්ල වඩාත් පුළුල් කර, වර්ග මීටර 432ක පමණ ඉඩකඩ සහිත මහල් හතරකින් (04) යුත් ගොඩනැඟිල්ලක් ලෙස ඉදි කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන 2018 වර්ෂයේ අයවැය ඇස්තමේන්තු මඟින් ලබාගැනීමටත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.