• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ හදිසි අනතුරු වැළැක්වීමේ සහ කළමනාකරණය කිරීමේ ජාතික ප්‍රතිපත්තිය සහ උපක්‍රමික සැලැස්ම
- ශ්‍රී ලංකාව තුළ සිදුවන හදිසි අනතුරු හේතුවෙන් වසරකට පුද්ගලයින් මිලියනයකට වැඩි ප්‍රමාණයක් රෝහල්ගත කරනු ලබන අතර, සෞඛ්‍ය අංශය සඳහා වාර්ෂිකව වෙන් කරනු ලබන ප්‍රතිපාදනවලින් සැලකිය යුතු ප්‍රමාණයක් ඔවුන් සඳහා වැය කිරීමට සිදු වී තිබේ. හදිසි අනතුරුවලට බලපාන ප්‍රධාන හේතුව 'මාර්ග අනතුරු' වශයෙන් හඳුනාගෙන ඇති අතර, එහිදී මිය යන අයගෙන් බහුතරයක් වයස අවුරුදු 15ත් 44ත් අතර පුද්ගලයන් බව පෙනී ගොස් ඇත. මෙම තත්ත්වය වළක්වා ගැනීම පිණිස සකස් කරනු ලැබ ඇති, 'ශ්‍රී ලංකාවේ හදිසි අනතුරු වැළැක්වීමේ සහ කළමනාකරණය කිරීමේ ජාතික ප්‍රතිපත්තිය සහ උපක්‍රමික සැලැස්ම' පිළිගැනීමටත් එම ප්‍රතිපත්තිය හා උපක්‍රමික සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය දේශපාලන හා ආයතනික සහයෝගය ලබාගැනීමටත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී .