• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාසල් ළමුන් අතර ස්ථුලතාව වැළැක්වීම
- වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රමුඛතම සෞඛ්‍ය ගැටලුව බවට පත් වී ඇත්තේ හෘදයාබාධ, අධික රුධිර පීඩනය, දියවැඩියාව හා පිළිකාව යනාදී බෝ නොවන රෝග බව හඳුනාගනු ලැබ තිබේ. ශ්‍රී ලංකාවේ සිදුවන මරණවලින් 59%ක් බෝ නොවන රෝගවලින් සිදුවන අතර, එයට ගොදුරු වන්නන්ගෙන් වැඩි ප්‍රමාණයක් වයස අවුරුදු 60ට අඩු පුද්ගලයන් බව පෙනී ගොස් ඇත. ප්‍රමාණවත් පරිදි ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත නොවීම හේතුවෙන් යෞවනයන් අතර ද ස්ථුලතාව වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බැවින්, පාසල් කාලය තුළදී ශාරීරික ක්‍රියාකාරකම්වලට සිසුන් වැඩි වශයෙන් යොමු කිරීමටත්, පාසල් දරුවන්ට සෞඛ්‍යයට හිතකර ආහාරපාන ලබාගැනීමට වැඩි ඉඩකඩ හිමිවන ආකාරයේ නව වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්දේශ සහිතව ක්‍රියාත්මක කිරීමටත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.