• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සනීපාරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය
- 'සනීපාරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය' මීට පෙර අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අතර, එය වඩාත් ඵලදායීව ක්‍රියාත්මක කිරීම සඳහා ඒ පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශ්ව, ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් මෙන්ම මුදල්, මහානගර හා බස්නාහිර සංවර්ධන සහ අධ්‍යාපන අමාත්‍යවරුන් විසින් මේ පිළිබඳව ඉදිරිපත් කරනු ලැබ තිබූ නිරීක්ෂණ ද එහි අන්තර්ගතය වැඩිදියුණු කිරීම සඳහා පත් කරන ලද ජාතික මෙහෙයුම් කමිටුවේ නිර්දේශ ද සැලකිල්ලට ගෙන නැවත සකස් කරනු ලැබ ඇත. නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද එම ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.