• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
චීන මහජන ජනරජයේ රාජ්‍ය වනවිද්‍යා කළමනාකරණ ඇකඩමිය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය අතර ඇති කරගනු ලබන අවබෝධතා ගිවිසුම
- ශ්‍රී ලංකාවේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් හට පුහුණු හා අධ්‍යාපනික අවස්ථා ලබා දීම පිණිස චීනය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීමට යෝජනා වී තිබේ. මෙමඟින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් වැඩි පිරිසකට සිය දැනුම වර්ධනය කරගැනීමටත්, කුසලතා ‍ගොඩනංවා ගැනීමටත් මහඟු අවස්ථාවක් උදා වේ. තවද, ක්ෂේත්‍රයට අදාළ නිලධාරින් පුහුණු කිරීම, අදාළ ක්ෂේත්‍රවල නිලධාරින්ට දෙරටේ සංචාරය කර අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව සැලසීම, සහයෝගිත්ව පර්යේෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ සත්ත්ව හා පැළෑටි වර්ග හුවමාරුව සඳහා ද මෙමඟින් අවස්ථාව සැලසෙන අතර, මෙම ගිවිසුම චීන මහජන ජනරජයේ සිදු කිරීමට නියමිත සිය නිල සංචාරය අතරතුර අත්සන් තැබීම පිණිස තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.