• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොන්ක්‍රීට් පොම්ප ට්‍රක්රථ ආනයනය නියාමනය කිරීම
- ඉඳි කිරීම් ක්ෂේත්‍රය ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම කර්මාන්තය වන අතර එම ක්ෂේත්‍රය සඳහා පහසුකම් සැපයීම මඟින් ආර්ථික හා සාමාජීය වාසි රැසක් රටට ලබාගත හැකි වනු ඇත. එබැවින් ඉදි කිරීම් සඳහා අවශ්‍ය වන කොන්ක්‍රීට් පොම්ප ට්‍රක්රථ ආනයනයට අදාළ රෙගුලාසි සංශෝධනය කරනු ලැබ ඇති අතර එම යන්ත්‍ර ආනයනයේදී වසර 10කට වඩා නොපැරැණි සහ වසර 10කට වඩා පැරණි කොන්ක්‍රීට් පොම්ප ට්‍රක්රථ ලෙස නව සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 02ක් හඳුන්වා දී ඇත. එයින් වසර 10කට වඩා පැරැණි කොන්ක්‍රීට් පොම්ප ට්‍රක්රථ, ආනයනය කිරීම සඳහා ආනයන බලපත්‍ර ලබාගත යුතු‍ අයිතම ලැයිස්තුවට ඇතුළත් කරමින් 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ පළ කරන ලද අංක 2019/24 හා 2017 මැයි මස 19 දිනැති ගැසට් නිවේදනය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.