• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාමලාන් උත්සව සමයේ මුස්ලිම් බැතිමතුන් සඳහා බෙදා හැරීමට අවශ්‍ය රටඉඳි මෙට්‍රික් ටොන් 150ක අතිරේක තොගයක් සතොස මඟින් මිලදී ගැනීම
- රාමලාන් උත්සව සමයේදී ඉස්ලාම් බැතිමතුන්ගේ ප්‍රයෝජනය සඳහා සෞදි අරාබියානු රජයෙන් පරිත්‍යාග ලෙස රටඉඳි මෙට්‍රික් ටොන් 150ක ප්‍රමාණයක් ලැබී ඇති නමුත් එය මෙම කාලසීමාව තුළ ඉස්ලාම් බැතිමතුන්ගේ පරිභෝජනය සඳහා ප්‍රමාණවත් නොවේයැයි තක්සේරු කර තිබේ. එවැවින් දැනට පරිත්‍යාග වශයෙන් ලැබී ඇති රටඉඳි ප්‍රමාණයට අතිරේකව තවත් මෙට්‍රික් ටොන් 150ක තොගයක් සතොස ආයතනය විසින් මිල දී ගෙන තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ඉස්ලාම් බැතිමතුන්ට බෙදා දීම පිණිස තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.