• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පන්නිපිටියේ, වීර මාවතේ, වෘත්තිකයන් සඳහා වන නිවාස 500ක් සැලසුම් කිරීමේ සහ ඉදි කිරීමේ පදනම මත ඉදි කිරීම සඳහා කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම
- මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් පන්නිපිටිය, වීර මාවතේ වෘත්තිකයන් සඳහා නිවාස 500ක් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. තෝරාගනු ලබන නිවාසලාභීන්ගෙන් නිවාස වටිනාකම කළින් ලබාගන්නා අරමුදල් මඟින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා තාක්ෂණ ඇගයීම් කමිටුවේ නිර්දේශය හා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.