• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බදුල්ල - චෙන්කලඩි මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ලුණුගල සිට බිබිල (කි.මී.171.80 සිට කි.මී.190.80) දක්වා ඉදි කිරීම සඳහා කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
- බදුල්ල - චෙන්කලඩි මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ලුණුගල සිට බිබිල (කි.මී.171.80 සිට කි.මී.190.80) දක්වා මාර්ගය ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් කරන ලද නිර්දේශ අනුව කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.