• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2018 - ආසියානු සමුද්‍ර කලාපීය රාජ්‍යයන්හි ස්ථාපිත තහනම් උත්තේජක මර්දන ආයතනයන්හි සමුළුව සඳහා සත්කාරකත්වය ලබා දීම
- 2018 වර්ෂයේදී පැවත්වීමට නියමිත ආසියානු සමුද්‍ර කලාපීය රාජ්‍යයන්හි ස්ථාපිත තහනම් උත්තේජක මර්දන ආයතනයන්හි සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ලෝක තහනම් උත්තේජක මර්දන ආයතනය විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත. මෙම සමුළුව සඳහා ලෝක තහනම් උත්තේජක මර්දන ආයතනයේ සාමාජිකයින්, ආසියානු ඔලිම්පික් කමිටු සාමාජිකයින්, ජාතික ඔලිම්පික් කමිටු සාමාජිකයින් සහ ශ්‍රී ලංකා විද්වතුන් ඇතුළුව 150ක් සහභාගීවීමට නියමිත අතර ඔවුන් සඳහා දේශීය සත්කාරකත්වය ලබා දිය යුතු වේ. ඒ අනුව, අදාළ සමුළුව 2018 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පැවැත්වීමටත්, ඒ සඳහා රුපියල් මිලියන 20ක ඇස්තමේන්තුගත පිරිවැයක් දැරීමට හා අවශ්‍ය ප්‍රතිපාදන 2018 වර්ෂයේදී ලබාගැනීමටත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.