• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1924 අංක 4 දරන ගංවතුර ආරක්ෂණ ආඥාපනත අහෝසිකර නව ගංවතුර කළමනාකරණ පනතක් ස්ථාපිත කිරීම
- ගංවතුරින් හානි සිදු විය හැකි ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීම පිණිස 1924 අංක 4 දරන ගංවතුර ආරක්ෂණ ආඥාපනතින් විෂයභාර අමාත්‍යවරයාට බලය පැවරී ඇති අතර, එම ප්‍රදේශ ආරක්ෂා කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීමේ බලය වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් වෙත පැවරී ඇත. මෙම පනත එක් වතාවකදී පමණක් සුළු වශයෙන් සංශෝධනය වී ඇති අතර පසුගිය කාලය තුළ සිදු වී ඇති සමාජ, ආර්ථික, පාරිසරික, දේශගුණික හා ආයතනික වෙනස්කම් සැලකිල්ලට ගෙන, වර්තමාන හා අනාගත අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි ගංගා සහ ජලාශවලින් ඇති විය හැකි ගංවතුර ආපදා මෙන්ම වැසි ජලය එක් රැස්වීම නිසා සිදුවන නාගරික හා ප්‍ර‍ාදේශීය ආපදා සහ වෙනත් ආකාරයේ ජල ගැලීම්වලින් සිදු වන ආපදාවලින් ජිවිත, දේපළ, පරිසරය හා ආර්ථිකයට සිදුවිය හැකි හානි හා ආපදා අවම කිරීමට හැකි වන පරිදි විධිවිධාන ඇතුළත් ගංවතුර ආරක්ෂණ පනතක් පැනවීමේ අවශ්‍යතාව මතු වී ඇත. ඒ අනුව, 1924 අංක 4 දරන ගංවතුර ආරක්ෂණ ආඥාපනත අහෝසිකර නව පනතක් කෙටුම්පත් කිරීම පිණිස වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.