• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව (SLCARP) සහ මැලේසියාවේ කෘෂිකාර්මික පර්යේෂණ සංවර්ධන ආයතනය (MARDI) සමඟ ජාතික කෘෂිකර්ම පර්යේෂණ පද්ධතියේ විද්‍යාඥයින්ගේ මානව සම්පත් සංවර්ධනය සම්බන්ධයෙන් අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුම
- 2016 වර්ෂයේදී අතිගරු ජනාධිපතිතුමා විසින් මැලේසියාවේදී සිදු කරනු ලැබූ නිල සංචාරය අතරතුර ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව (SLCARP) සහ මැලේසියාවේ කෘෂිකාර්මික පර්යේෂණ සංවර්ධන ආයතනය (MARDI) සමඟ ජාතික කෘෂිකර්ම පර්යේෂණ පද්ධතියේ විද්‍යාඥයින්ගේ මානව සම්පත් සංවර්ධනය සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට එළඹ ඇත. එම අවබෝධතා ගිවිසුම මඟින් දෙපාර්ශ්වය අතර තාක්ෂණික සහයෝගය ඉහළ නංවා ගැනීමටත්, පශ්චාත් උපාධි සහිත විද්‍යාඥයින් බිහි කරගැනීමටත් අවස්ථාව සැලසෙනු ඇත. එකඟතාවකට එළඹ ඇති වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් ලබාගැනීමට හැකි වන පරිදි අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ආවරණ අනුමැතිය ලබා දෙන ලදී.