• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ කොටුව සහ පිටකොටුව ඇතුළත පදික මංතීරු සංවර්ධනය (ඉදි කිරීම් අදියර III)
- කොළඹ කොටුව සහ පිටකොටුව ප්‍රදේශවල පවතින අධික වාහන තදබදය සැලකිල්ලට ගෙන, පදිකයින්ට ආරක්ෂිතව ගමන් කිරීමට හැකි වන පරිදි ආකර්ශණීය ස්ථාන යා කරමින් මංතීරු ජාලයක් ඉදි කිරීමට සැලසුම් කර ඇත. මෙම ව්‍යාපෘතියේ 1 අදියර ලෙස ඩී.ආර්.විජේවර්ධන මාවතේ සිට ඕල්කට් මාවත දක්වා කොටස දැනටමත් වැඩ නිම කර ඇති අතර, අදියර 2 යටතේ ඔල්කට් මාවත සහ සමුද්‍ර මාවත අතර කොටස දැනට වැඩ නිම වෙමින් පවතී. ව්‍යාපෘතියේ අදියර 3 වශයෙන් සාන්ත සෙබස්තියන් ඇළ ටෙක්නිකල් හංදියේ සිට උපරිමාධිකරණ සංකීර්ණය දක්වා වන පදික මාරුව සංවර්ධනය කිරීමට යෝජිත අතර එය මීට‍ර් 6ක (අඩි 20ක) පළලකින් යුතු වන අතර, දිග මීටර් 1,485කි. එම අදියර III යටතේ යෝජිත ඉදි කිරීම් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට වෙන් කර ඇති ප්‍රතිපාදන යොදා ගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් සිදු කර ගැනීම සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.