• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නව කර්මාන්ත පිහිටුවීම සඳහා ප්‍රාදේශීයව පිහිටි කර්මාන්තපුරවලින් ඉඩම් කොටස් වෙන් කර දීම
- බුත්තල, නාලන්ද (මාතලේ), නාලන්ද එල්ලාවල, ගලිගමුව, කළුතර, මිල්ලව, මිනුවන්ගොඩ, මතුගම, දඹදෙනිය, නූරාන, මාකදුර (බටහිර), දංකොටුව, උඩුකාව, ත්‍රිකුණාමලය යන කර්මාන්තපුරවල පිහිටි ඉඩම් කොටස් 23ක් රුපියල් බිලියන 1,617ක පමණ ආයෝජනය කිරීමට අපේක්ෂිත තෝරාගත් ආයෝජකයින් සඳහා ප්‍රධාන තක්සේරුකරු විසින් තීරණය කරනු ලබන බදු කුලිය අය කිරීමේ පදනම මත වසර 35ක කාලයකට බදු පදනම මත ලබා දීම සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.