• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උසස් අධ්‍යාපන තත්ත්ව ආරක්ෂණ ආයතන සඳහා වූ අන්තර්ජාතික ජාලයේ මීළඟ සමුළුව 2019 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීම
- උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ තත්ත්ව ආරක්ෂණය වෙනුවෙන් ක්‍රියාකාරීව කටයුතු කරන සංවිධාන 200කට අධික සංඛ්‍යාවක එකමුතුවෙන් 'උසස් අධ්‍යාපන තත්ත්ව ආරක්ෂණ ආයතන සඳහා වූ අන්තර්ජාතික ජාලය' ස්ථාපිත කරනු ලැබ ඇත. එහි සාමාජිකයින් විසින් අනුගමනය කරනු ලැබ ඇති වඩාත් ඵලදායී වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කරමින් අත්දැකීම් හුවමාරු කරගැනීමේ අරමුණ ඇතිව සෑම දෙවසරකට වරක් එම ජාලයේ සමුළුවක් පවත්වනු ලබයි. දේශීය හා විදේශීය පාර්ශ්වකරුවන් 1,000ක් පමණ සහභාගී වීමට නියමිත එම ජාලයේ මීළඟ සමුළුව 2019 වර්ෂයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.