• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දුම්රිය රක්ෂිත භාවිතාකරන්නන්ගෙන් අයවිය යුතු හිඟ බදු අයකර ගැනීම
- දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම්වලින් මේ වන විට අක්කර 1,934ක් පමණ බදුකරුවන් 6,400කට බදු පදනම මත ලබා දී ඇතිමුත් ඒ අතුරින් බොහෝ දෙනෙකු එම දෙපාර්තමේන්තුව වෙත නියමිත පරිදි බදු මුදල් ගෙවා නොමැත. ඒ අනුව, රුපියල් මිලියන 1,468ක් පමණ හිඟ බදු මුදල් ලෙස අය විය යුතුව ඇත. 2016 මැයි මස 10 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් වසර 10ක් ඉක්මවා පරිහරණය කරනු ලබන පුද්ගලයින්ට රජයේ තක්සේරුව මත වසර 05ක උපරිම කාල සීමාවක් දක්වා එම ඉඩම් විධිමත් ලෙස බදු දීමට අනුමැතිය දෙන ලදී. ඒ අනුව, එලෙස විධිමත් ලෙස ඉඩම් බදු දීමේදී අදාළ ඉඩම් පරිහරණය කරනු ලබන පුද්ගලයින්ගෙන් අය විය යුතු හිඟ මුදල් අය කරගැනීම සඳහා විධිමත්, සහනදායී ක්‍රමවේදයක් හඳුන්වා දීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.