• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වැල්ලවත්ත ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක් කඩා වැටීමෙන් සිදු වූ අනතුර
- වැල්ලවත්ත ප්‍රදේශයේ ඉදි කෙරෙමින් තිබූ ගොඩනැඟිල්ලක් කඩා වැටීමෙන් සිදු වූ අනතුර සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු වූ අතර, මෙවැනි සිදුවීම් ඉදිරියේදි ඇති නොවන බව තහවුරු කිරීම පිණිස යෝග්‍ය පියවර ගැනීමේ අවශ්‍යතාව අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.

අදාළ ගොඩනැඟිල්ල ඉදි කිරීම සඳහා නීතිමය විධිවිධාන ප්‍රකාර කිසිදු අවසරයක් ලබාගෙන නොමැති බවටත්, නීතිවිරෝධී ලෙස එම ගොඩනැඟිල්ල ඉදි කිරීමට ඉඩ ලබා දීම සම්බන්ධයෙන් වගකිව යුතු සියලුම නිලධාරින්ට එරෙහිව විධිමත් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවටත්, එම පරීක්ෂණ කටයුතුවල ප්‍රතිඵල මත පදනම්ව වගකිව යුතු අදාළ නිලධාරින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කෙරෙන බවටත්, මින් ඉදිරියට මේ ආකාරයේ සිදුවීම් සිදු නොවන බවට වගබලා ගන්නා ලෙස අදාළ බලධාරින්ට දැනටමත් උපදෙස් ලබා දී ඇති බවටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් වැඩිදුරටත් සැලකිල්ලට ගන්නා ලදී.