• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රට තුළ වෙසෙන ජනවර්ග අතර සමඟියට බාධා වන ආකාරයේ සිදුවීම්
- මෑතකදී රටේ ස්ථාන කිහිපයක සිදු වූ, ජනවර්ග අතර සමඟියට බාධා වන අකාරයේ සිදුවීම් හා ඇතැම් පාර්ශ්වයන්ගේ ප්‍රකෝපකාරී හැසිරීම් පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු වූ අතර, එවැනි සිදුවීම් හා හැසිරීම් ඉදිරියේදී ඇති නොවීමට අදාළ යෝග්‍ය පියවර ගැනීමේ අවශ්‍යතාව අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පහත පරිදි තීරණය කරන ලදී:

(i) රට තුළ වෙසෙන ජනවර්ග අතර සමඟියට බාධා වන අකාරයේ සිදුවීම් සඳහා වගකිව යුතු පාර්ශ්වයන්ට එරෙහිව, පවතින නීතියේ විධිවිධාන ප්‍රකාර නීතිමය පියවර ගැනීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන අදාළ බලධාරින්ට උපදෙස් දීම.

(ii) එවැනි සිදුවීම් තම බල ප්‍රදේශය තුළ ඇති නොවීමට වගබලා ගන්නා ලෙස සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් දෙන ලෙස පොලිස්පතිවරයාට නියම කිරීම.