• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය වෙළඳ පොළෙහි සහල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම
- දේශීය වෙළඳ පොළෙහි සහල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු වූ අතර, ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කරන ලදී. ඒ අනුව, දේශීය වී ගොවීන්ට අහිතකර බලපෑමක් සිදු නොවන පරිදි සහ පාරිභෝගිකයින්ට පහසු මිලකට සහල් මිල දී ගැනීමට හැකිවන පරිදි සහල් ආනයනය කිරීමට පෞද්ගලික අංශයට අවසර දීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී. එසේ ආනයනය කළ යුතු සහල් ප්‍රමාණය, ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව විසින් තීරණය කරනු ලැබිය යුතු බව ද අමාත්‍ය මණ්ඩලය විසින් වැඩිදුරටත් තීරණය කරන ලදී.