• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නුවරඑළිය ඉහළ උන්නතාංශ ක්‍රීඩා සංකීර්ණය ඉදි කිරීම සඳහා මූල්‍ය සහාය ලබාගැනීම
- කලාපීය හා ජාත්‍යන්තර මට්ටමේදී ශ්‍රී ලාංකික ක්‍රීඩක - ක්‍රීඩිකාවන්ගේ තරගකාරිත්වය පුළුල් කිරීමේ හා ඉදි කිරීමට යෝජිත ක්‍රීඩා සංකීර්ණය ආකර්ෂණීය ස්ථානයක පිහිටීම හේතුවෙන් සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් උපයාගැනීමේ අරමුණින් ඉහළ උන්නතාංශ ක්‍රීඩා සංකීර්ණයක් නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාපිත කිරීම පිණිස ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සැලසුම් කරනු ලැබ ඇත. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ කොන්ත්‍රාත්කරු සමඟ ගිවිසුමකට එළඹීම පිණිස 2016 දෙසැම්බර් මස 20 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ණය පහසුකම් සලසාගැනීම සඳහා අදාළ ආයතන සමඟ ණය සාකච්ඡා සම්මුති පැවැත්වීමටත්, ණය පහසුකම් ලබාගැනීම පිණිස අදාළ ආයතන සමඟ ණය ගිවිසුම්වලට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.