• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාත්‍යන්තර සහයෝගය සඳහා වන තීරය හා මාර්ගය පිළිබඳ සංසදයේ (Belt and Road Forum for International Cooperation) නායකයන්ගේ වටමේස සාකච්ඡාව පිළිබඳ නිල නිවේදනය
- මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2017 මැයි මස 15 දින චීනයේ පැවති ඉහත සංසදයේ නායකයින්ගේ වටමේස සාකච්ඡාව සඳහා ගරු අග්‍රාමාත්‍යතුමා සහභාගි වී ඇති බවත්, එම වටමේස සාකච්ඡාව සඳහා රුසියාව, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය, ආර්ජන්ටිනාව, බෙලෝරුසියාව, චිලී, ඉන්දුනීසියාව, ලාඕසය, පිලිපීනය, තුර්කිය, වියට්නාමය, කාම්බෝජය, ෆීජී, හංගේරියාව, ඉතාලිය, මැලේසියාව, මියන්මාරය, පාකිස්තානය හා පෝලන්තය යන රටවල රාජ්‍ය නායකයින් සහභාගි වී ඇති බවත් අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී. තවද, එම වටමේස සාකච්ඡාව අවසානයේදී තීරය හා මාර්ගය පිළිබඳ මූලාරම්භය (Belt and Road Initiative) ඇතුළු විවිධ සංවර්ධන උපායමාර්ග, ආර්ථික සංවර්ධනය පුළුල් කිරීම, ආර්ථික සහයෝගිතාව ප්‍රවර්ධනය, විද්‍යාත්මක හා තාක්ෂණික නවෝත්පාදනය සහ කලාපීය ආර්ථික සහයෝගිතාව යන ක්ෂේත්‍රයන්හි අන්තර්ජාතික සහයෝගය පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍ය නායකයන් විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ නිල නිවේදනයේ ඇතුළත් කරුණු ද අමාත්‍ය මණ්ඩලය විසින් වැඩිදුරටත් සැලකිල්ලට ගන්නා ලදී.