• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉන්දියානු සාගරය පිළිබඳ දෙවන සම්මන්ත්‍රණය - 2017
- ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය, බංග්ලාදේශයේ ජාත්‍යන්තර සහ උපායමාර්ගික අධ්‍යයන ආයතනය, සිංගප්පූරුවේ ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ එස්. රාජරත්නම් විද්‍යාලය යන ආයතන හා එක්ව 'ඉන්දියානු සාගර සම්මන්ත්‍රණය 2017' (IOC-2017) අගෝස්තු මස 31 දින සිට සැප්තැම්බර් මස 02 දින දක්වා කොළඹදී පැවැත්වීමට ඉන්දියා පදනම විසින් කටයුතු සංවිධානය කෙරෙමින් පවතියි. මෙම සම්මන්ත්‍රණයේදී කලාපයේ ආරක්ෂාව, ආර්ථිකය, සංස්කෘතික හා පාරිසරික කරුණු පිළිබඳව අවධානය යොමු කෙරෙනු ඇති අතර, රටවල් 30කට අධික සංඛ්‍යාවකින් ඉහළ පෙළේ නායකයින් හා සම්භාවනීය නියෝජිතයින් ඒ සඳහා සහභාගි වනු ඇත. ඒ අනුව, ඉන්දියා පදනමේ සංවිධායකත්වය ඇතිව එම සම්මන්ත්‍රණය කොළඹදී පැවැත්වීම පිණිස ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.