• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් පොදු කාර්යයන් සඳහා පවරා දීම
- ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු, පහත දැක්වෙන ඉඩම් කොටස් පොදු කාර්යයන්වලට යොදාගැනීම සඳහා පවරා දීම පිණිස ඉඩම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* ප්‍රජා ශාලාවක් ඉදි කිරීම සඳහා කඩුවෙල කොරතොට ප්‍රදේශයේ පිහිටි පර්චස් 07.31ක බිම් කොටසක්, කඩුවෙල මහ නගර සභාව වෙත.

* සමුපකාර බැංකු ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සඳහා හලාවත ප්‍රදේශයේ පිහිටි පර්චස් 05ක ඉඩම් කොටසක්, සීමාසහිත හලාවත විවිධ සේවා සමුපකාර සමිතිය වෙත.