• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පූනරින් ප්‍රදේශයේ මෙගාවොට් 240කින් සමන්විත සුළං බල හා මෙගාවොට් 800කින් සමන්විත සූර්යබල දෙමුහුන් විදුලි උත්පාදන උද්‍යානයක් ඉදි කිරීම
- විදුලිය ජනනය කිරීම සඳහා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමු වීමේ රජයේ ප්‍රතිපත්තිය අනුව, පසුගිය කාලය තුළ එවැනි බලශක්ති ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාවට නංවනු ලැබ ඇත. එසේම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් සැලකිය යුතු විදුලිය ප්‍රමාණයක් ජාතික විදුලි පද්ධතියට තවදුරටත් එකතු කිරීමට නියමිතය. සුළං බලශක්තිය මඟින් මෙන්ම සූර්ය බලශක්තිය මඟින් ද විදුලිය නිපදවීම සඳහා යෝග්‍ය ප්‍රදේශයක් ලෙස ශ්‍රී ලංකාවේ උතුරු පළාතට අයත් පූනරින් ප්‍රදේශය ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් සිදු කරන ලද අධ්‍යයනයන් මඟින් හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, මෙගාවොට් 240ක ධාරිතාවකින් යුත් සුළං සහ මෙගාවොට් 800ක ධාරිතාවකින් යුත් සූර්ය දෙමුහුන් බලාගාර උද්‍යානයක් පූනරින් ප්‍රදේශයේ ඉදි කිරීමේ ව්‍යාපෘතිය අදියර තුනක් (03) යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.