• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නාරාහේන්පිට පොලිස් රෝහල පුළුල් කොට නවීකරණය කිරීම සඳහා උපදේශක ආයතනයක් පත් කරගැනීම
- නාරාහේන්පිට පොලිස් රෝහල පුළුල් කොට නවීකරණය කිරීම සඳහා රූඩ් 02 පර්චස් 23.5ක ඉඩම් කොටසක් නාගරික සංවර්ධන අධිකාරිය වෙතින් පවරා ගැනීමට මීට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. එම ඉදි කිරීම් කටයුතු සම්බන්ධයෙන් උපදේශක සේවාවන් සැපයීමට පොලිස් දෙපාර්තමේන්තුවේ දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති කිහිපයක් සඳහා උපදේශක සේවාවන් සපයනු ලබන ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ සේවාව ලබාගැනීම පිණිස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.