• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහා මන්නාරම ජල සම්පාදන යෝජනා ක්‍රමය සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම
- මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාවට විශාල ගැටලුවක්ව පවතින පානීය ජලය ලබාගැනීමේ දුෂ්කරතාව මඟහරවා ගැනීම සඳහා පානීය නළ ජලය ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට නියමිත මහා මන්නාරම ජල සම්පාදන යෝජනා ක්‍රමය සඳහා යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ තිබේ. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී මන්නාරම ප්‍රදේශයේ අනාගත ජල අවශ්‍යතා සපුරා ගැනීම සහ ජල සම්පාදන ව්‍යාපෘති කිහිපයක් අතර ජල සම්පත් බෙදාහැරීම සම්බන්ධයෙන් මතු විය හැකි කරුණු පිළිබඳව නගර සැලසුම් හා ජල සම්පාදන ඇමතිතුමා සහ වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ ඇමතිතුමා විසින් සිදු කරන ලද සාකච්ඡා අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ශක්‍යතා අධ්‍යනයක් සිදු කිරීමටත්, යෝජනාව ඉදිරිපත් කර ඇති ආයතනයේ වියදමින් එම අධ්‍යයනය සිදු කිරීමටත්, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා Swiss Challenge ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීමටත් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.