• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාතර සිට කතරගම දක්වා දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ, මාතර - බෙලිඅත්ත කොටසේ සංඥා, විදුලි සංදේශ හා දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති (Level Crossing Protection) සවි කිරීම
- මාතර - කතරගම දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගය ඉදි කිරීමේ ව්‍යාපෘතියේ ඉතිරි වී ඇති ප්‍රතිපාදන යොදාගනිමින් මාතර සිට ‍බෙලිඅත්ත කොටස සඳහා අවශ්‍ය සංඥා, විදුලි සංදේශ හා දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති සවි කිරීමේ කොන්ත්‍රාත්තුව, මෙම ව්‍යාපෘතියේ වර්තමාන කොන්ත්‍රාත්කරු වන චයිනා නැෂනල් මැෂිනරි ඉම්පෝට් ඇන්ඩ් එක්ස්පෝට් කෝපරේෂන් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇත. ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ එකී නිර්දේශය පරිදි අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.