• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික මිලා-දුන්-නබි උත්සවය වෙනුවෙන් සියලුම අමාත්‍යාංශ මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
- මේ වසරේ දෙසැම්බර් 01 දිනට යෙදෙන නබිතුමාගේ උපන් දිනය සැමරීම සඳහා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් කටයුතු සූදානම් කෙරෙමින් පවතින අතර, අදාළ උත්සවය මෙවර යාපනය දිස්ත්‍රික්කයේ පැවැත්වීමට සැලසුම් කර ඇත. ඊට සමගාමීව කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කයන්හි මුස්ලිම් ආගමික කටයුතු සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 14ක මුදලක් මහා භාණ්ඩාගාරය විසින් දැනටමත් වෙන් කරනු ලැබ ඇත. අදාළ උත්සවය පැවැත්වීම සඳහා සියලුම අමාත්‍යතුමන්ලාගේ සහ අමාත්‍යාංශවල සහයෝගය ලබාගැනීම සඳහාත්, යාපනය, කිලිනොච්ච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කයන්හි සිදු කිරීමට නියමිත සංවර්ධන කටයුතු සඳහා එම දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහාය ලබාගැනීම පිණිසත් තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.