• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පසුගිය වර්ෂයේ කෑගල්ල දිස්ත්‍රික්කයට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් තේ හා රබර් වගා ඉඩම්වලට සිදුවූ හානි යථා තත්ත්වයට පත් කිරීම
- 2016‑05‑16 හා 17 යන දෙදින තුළ කෑගල්ල දිස්ත්‍රික්කයට ඇද හැළුණු අධික වර්ෂාව නිසා සිදුවූ නායයාම් හේතුවෙන් තේ හා රබර් වගා ඉඩම් රැසකට හානි සිදුවිය. එලෙස හානි සිදුවූ තේ හා රබර් වගා ඉඩම් නැවත වගා කළ හැකි පරිදි යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.