• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2017 මූල්‍ය වර්ෂයේ, පළමු කාර්තුව අවසානයේ දරන ලද සත්‍ය වියදම පිළිබඳ වාර්තාව
- 2017 වර්ෂයේ පළමු කාර්තුවට අදාළව මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ වියදම් පිළිබඳ වාර්තාව අනුව 2017 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව අවසානයේ පුනරාවර්තන වියදම් ලෙස රුපියල් මිලියන 482,856ක් ද මූලධන වියදම් ලෙස රුපියල් මිලියන 474,509ක් ද වශයෙන් රුපියල් මිලියන 957,365ක මුළු වියදමක් රජය විසින් දරනු ලැබ ඇති බව අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී. ඒ අනුව, 2017 වර්ෂයේ පළමු කාර්තුවට අදාළව සකස් කරනු ලැබ ඇති වියදම් පිළිබඳ එම වාර්තාව, 2017 අයවැය යෝජනා පරිදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.