• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරි කාර්යාලය සහ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදි කිරීම සඳහා ඉඩම් කොටස් පවරා දීම
- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඇල්පිටිය ඩිපෝව පිහිටා ඇති ඉඩමෙන් පර්චස් 140ක භූමි ප්‍රමාණයක් ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරි කාර්යාලය ඉදි කිරීම සඳහාත්, අක්කර 01ක භූමි ප්‍රමාණයක් යෝජිත ඇල්පිටිය නාගරික සංවර්ධන සැලැස්ම යටතේ ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය ඉදි කිරීම සඳහාත් පවරා දීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.