• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව හා කැනඩාව අතර යෝජිත ගුවන් සේවා ගිවිසුම
- විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විශාල ප්‍රමාණයක් කැනඩාවේ වාසය කරනු ලබන අතර, දැනට කැනඩාව සහ ශ්‍රී ලංකාව අතර ගුවන් සේවා ගිවිසුමක් ක්‍රියාත්මක නොවේ. වෙළඳ හා සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා පහසුකම් සලසමින් දෙරට අතර ගුවන් සේවා විධිමත් කිරීමේ අරමුණින් දැනට නිලධාරි මට්ටමින් එකඟ වී ඇති යෝජිත ගුවන් සේවා ගිවිසුමට අත්සන් තැබීමටත්, ඉන් අනතුරුව ගිවිසුමේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.