• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ස්ථාපිත කිරීම සඳහා දෙමහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
- 2013 වර්ෂයේදී දියතලාව ප්‍රදේශයේ පිහිටුවනු ලැබූ 'ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම)' මඟින් මධ්‍යම හා ඌව පළාත්වලට ද දකුණු පළාතේ කොටසකට ද ආරක්ෂාව සපයනු ලැබේ. එසේම හදිසි ආපදා කටයුතුවලදී සහ ආරක්ෂාව සැපයීමේදී ද පෙරමුණ ගෙන ක්‍රියා කරයි. දැනට විවිධ අපහසුතා මධ්‍යයේ දියතලාව ප්‍රදේශයේ පිහිටි ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලට අයත් ගොඩනැඟිලිවල පවත්වා ගෙන යනු ලබන මෙම මූලස්ථානය ස්ථාපිත කිරීම සඳහා දෙමහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.